ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ජෙනරාල් Titus Simon (Brig. Gen Titus Simon) අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේද ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ජෙනරාල් Titus Simon, ශ්‍රී ලංකා නාවික හමුදාධීපති සමඟ සිදු කෙරුණු මෙම නිල හමුවේදී, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පවත්වන ලදි.

අනතුරුව, රාජකාරි කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සිය කෘතවේදීත්වය පල කර ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනමන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.