ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ ඉදිකරන ලද වායු රයිෆල් ක්‍රීඩා සමාජය නාවික හමුදාධිපතිගේ ප්‍රධානතවයෙන් විවෘත කෙරේ

නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙඩි තැබීමේ පුහුණු පාසලෙහි ස්ථාපනය කර තිබූ වායු රයිෆල් ක්‍රීඩා සමාජය, නාවික තඨාකාංගනය නැරඹීමට පැමිණෙන අමුත්තන් හටද භාවිතා කළ හැකි පරිදි නවීකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර, නාවික කෞතුකාගාරය අසල නව පරිශ්‍රයක විවෘත කිරීම, 2023 අප්‍රේල් මස 30 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

2015 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව, 2015 දෙසැම්බර් මස 16 වන දින නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙඩි තැබීමේ පුහුණු පාසලෙහි මෙම වායු රයිෆල් ක්‍රීඩා සමාජය මුල්වරට ස්ථාපනය කර ඇත. මෙම වායු රයිෆල් ක්‍රීඩා සමාජය, නාවික තටාකාංගනය නැරඹීමට පැමිණෙන අමුත්තන් හටද භාවිතා කළ හැකි පරිදි නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්ෂණය යටතේ නවීකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර, නාවික කෞතුකාගාරය අසල නව පරිශ්‍රයක විවෘත කිරීම මෙලෙස 2023 අප්‍රේල් මස 30 වන දින නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.