ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

2023 මාර්තු මස 20 දිනට යෙදුනු ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් පවත්වනු ලබන දන්ත වෛද්‍ය සේවාවන්ගේ තවත් අධියරක් ලෙස ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2023 මැයි මස 09 වන දින සිට 19 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම ජංගම දන්ත වෛද්‍ය සේවාව ගිණිකොන නාවික විධානයේ වැල්ලවාය, මොණරාගල, පොතුවිල්, ආරුගම්බේ, ඔලුවිල්, දීඝවාපිය සහ විනයාගපුරම් යන ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වන ලද අතර, ඒ සඳහා එම ප්‍රදේශයන්හි පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් හාරසිය හැටහත් දෙනෙක් (467) සහභාගී වී දන්ත වෛද්‍ය සේවාවන් ලබා ගන්නා ලදි.