නාවික හමුදාව ගිණි‍කොන නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 මැයි මස 18 වන දින ගිණි‍කොන නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන්, එම විධානයේ මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ගිණි‍කොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්ෂණය යටතේ, අක්කරේපත්තුව මහ රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන් එම රෝහල වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව, මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි.

මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගිණි‍කොන නාවික විධානයේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.