ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලීන් නවරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නලීන් නවරත්න ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 ජුනි මස 16 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ගිණිකොන නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් නලීන් නවරත්න අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිණිකොන නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කාංචන බානගොඩ විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් නලීන් නවරත්න වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, ගිණිකොන නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නාවික සම්ප්‍රදායානුකූලව ගිණිකොන නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.