උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කාංචන බානගොඩ උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජුනි 19) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත රියර් අද්මිරාල් කාංචන බානගොඩ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජානක නිස්සංක විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් ජානක නිස්සංක වෙත නාවික සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.