කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නව ආඥාපති, මේජර් ජෙනරල් සෙනරත් යාපා (විශ්‍රාමික) අද දින (2023 ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නව ආඥාපති ලෙස පත්වීමෙන් අනතුරුව, සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති හමුවීමට පැමිණි මේජර් ජෙනරල් සෙනරත් යාපා (විශ්‍රාමික) වෙත නාවික හමුදාධිපති විසින් සිය සුභාශිංසන පිරිනමා සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.