සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන Vinod Kurain Jacob මහතා අද දින (2023 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්, Vinod Kurain Jacob මහතා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.