නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2023 ජුලි මස 18 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, 2023 ජනවාරි මස 09 වන දින සිට 2023 ජුලි මස 18 වන දින දක්වා මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පැවති 01/2023 බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිමකළ නාවික පුද්ගලයින් 26 දෙනෙකු වෙත නිළ ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රධානය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් මෙලෙස සිදු කරන ලදී. එහිදී, ලුතිනන් කොමාණ්ඩර් යූජීඩබ්පී කුමාර පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියා ලෙසත්, බල නාවික පාබල ආර්එම්එස්පී කුමාර සෑම අතින්ම දක්ෂතම නාවිකයා ලෙසත් නායක ප්‍රවාහන සහයක එච්එම්එස් නිශ්ශංක දක්ෂතම කෘතීම බෝම්බ නිර්මාණකරු ලෙසත් සම්මාන හිමිකර ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.