වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු චන්දිම සිල්වා වැඩ භාර ගනියි

නාවික හමුදා වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය, වශයෙන් කොමදෝරු චන්දිම සිල්වා 2023 ජුලි මස 19 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොමදෝරු චන්දිම සිල්වා නාවික දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ධජ නිලධාරි නාවික දියත් විධානය වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා විසින් එම ධූරයෙහි රාජකාරීන් කොමදෝරු චන්දිම සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, නාවික දියත් විධාන‍යේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික දියත් විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.