නාවික හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 69 ක් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අනුබද්ධ, වැලිසර නාවික හමුදා හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 2018 සහ 2019 කණ්ඩායම‍ට අයත් හෙද සිසු සිසුවියන් හැට නවයක් (69) වෙත හෙද ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම 2023 ජූලි මස 20 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ සහභාගීත්වයෙන් එම විශ්ව විද්‍යාලයීය උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල ශ්‍රී ලංකා නාවික හමුදාවේ හෙද සිසු සිසුවියන් හැට පස්දෙනෙකු (65) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙද සිසු සිසුවියන් සිව් දෙනෙකු (04) වෙත මෙලෙස සහතිකපත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සහ උපාධි අධ්‍යයන පීඨයන්හි අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.