ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ධජ නිලධාරි ලෙස පැමිණි එම බලකායේ පළමු කණ්ඩායම් අණදෙන නිලධාරි (Commander, 01st Surface Group) රියර් අද්මිරාල් NISHIYAMA Takahiro සහ ‘SAMIDARE (DD-106)’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් OKUMURA Kenji අද දින (2023 ජුලි 21) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඉන්දු- ශාන්තිකර කලාපයේ නාවික හමුදාවන් අතර සහයෝගීත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් 2023 ජුලි මස 20 වන දින ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව දිවයිනට සේන්දු විය. ඒ අනුව සිදු කෙරුණු මෙම නිල හමු‍වේදී, ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ධජ නිලධාරි සහ අණදෙන නිලධාරි විසින් නාවික හමුදාධිපති සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පවත්වන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

තවද, රියර් අද්මිරාල් NISHIYAMA Takahiro සහ කොමාණ්ඩර් OKUMURA Kenji අද දින (2023 ජුලි 21) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සමඟද නිල හමුවක් පැවැත්විණි.