ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව, හම්බන්තොට වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින උදෑසන (2023 ජුලි 25) එම නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ප්‍රසන්න හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ක‍ටයුතු කෙරිණි.

සුරක්ෂිත සමුද්‍රීය පරිසර පද්ධතියක් මතු පරපුර වෙත දායාද කරදීමේ අරමුණින්, ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය ලබාදෙනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව හම්බන්තොට වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් අද දින උදෑසන (2023 ජුලි 25) එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නංවන ලදි. එහිදී, එම වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් එක්රැස් කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.