නාවික හමුදාධිපති කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ දේව මෙහෙයක් සඳහා සහභාගී වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 03 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය සඳහා සහභාගී වී, එම දේවස්ථානය භාර මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා බැහැදැක ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරිණි.

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය 2023 අගෝස්තු මස 01 සිට 06 වන දින දක්වා පැවැත්වෙන අතර, එය සාර්ථකව පැවැත්වීමට ආරක්‍ෂාව ලබාදීම සඳහා මෙන්ම වාර්ෂික දේව මෙහෙය සඳහා සහභාගීවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් තලවිල වෙරළ තීරයේ ජීවිත ආරක්‍ෂක කණ්ඩායම් යෙදවීම සඳහා නාවික හමුදාව දායකත්වය ලබාදෙයි.

ඒ අනුව, දේවස්ථානයේ වාර්ෂික දේවමෙහෙය නිමිත්තෙන් 2023 අගෝස්තු මස 03 වන දින පැවති සන්ධ්‍යා දේව මෙහෙය සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් සහ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් ජයනාත් ද සිල්වා සමඟ සහභාගී වූ නාවික හමුදාධිපති, එම දේව මෙහෙය අවසානයේ ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා බැහැදැක මෙලෙස ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරිණි.