කොමදෝරු ජගත් ලියනගමගේ නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ජගත් ලියනගමගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු ජගත් ලියනගමගේ, අධ්‍යක්‍ෂ නාවික සැපයුම් හා සේවා ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් චන්දන රත්නායක විසින් අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස පත්වූ කොමදෝරු ජගත් ලියනගමගේ වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.