සේවා මුක්ත භට සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබයි

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත සේවා මුක්ත භට සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද දින (2023 අගෝස්තු 17) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

සේවා මුක්ත භට සංගමය මඟින් එම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධක සේවාවන් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව සිදුකර ගෙන යාම සඳහා කාර්යාල පරිශ්‍රයකින් සහ ශ්‍රවණාගාරයකීන් ද සමංවිතව ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ලබාදීමට නියමිතව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.