ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කර්නල් මුහම්මද් ෆාරුක් (Colonel Muhammad Farooq) අද දින (2023 අගෝස්තු 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

නාවික හමුදාධිපති විසින් පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් (Colonel Muhammad Farooq) නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ පාකිස්ථානු නව ආරක්ෂක උපදේශක අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.