ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් මහතා (Chrish Van Hollen) ඇතුළු නියෝජිතයන් පිරිසක් අද දින (2023 අගෝස්තු 30)ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රි ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලී චන්ග් (Juli Chung ) මහත්මිය ද සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් (Chrish Van Hollen) මහතා ඇතුළු නියෝජිතයන් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදාධිපතිගේ නාවික සහයක හා නාවික හමුදා ජලමාණක ප්‍රධානී, කොමදෝරු කෝසල වර්ණකුලසූරිය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් ජෙසිකා ද මොන්ට් (Lieutenant Commander Jessica De Mont) ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.