මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද (2023 අගෝස්තු 31) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය දක්වන ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අධීක්‍ෂණය යටතේ මෙම දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය කුඩා යාත්‍රා සහ ජීවිතාරක්‍ෂක සේවා සැපයීම, ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකයේ සහ ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන ඒකකයේ කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.