නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 38 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන අද දින (2023 සැප්තැම්බර් 01) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 63 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි.

1985 වසරේ දී ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා වෛද්‍ය අංශයට එක්ව ඇති රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන, සිය වසර 38 කට අධික සේවා කාලය තුළ නැගෙනහිර, උතුර, සහ බටහිර නාවික විධානයන්හි වෛද්‍ය අංශයේ රාජකාරීන් සිදුකර ඇත. ඔහු විධාන වෛද්‍ය නිලධාරී (නැගෙනහිර), වීධාන වෛද්‍ය නිලධාරී (බටහිර), විධාන වෛද්‍ය දෙපාර්තමේන්තුව (බටහිර), විධාන වෛද්‍ය දෙපාර්තමේන්තුව (නැගෙනහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය හා සේවා, අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය හා සේවා, කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (බටහිර), අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය හා සේවා (නිවාරණ හා පුනරුත්ථාපන), අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය හා සේවා ලෙස සහ නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සහ කොවීඩ් 19 ඇතුළු බෝවන රෝග පැතිරීම වැළැක්වීම පිළිබඳ නාවික හමුදාධිපතිගේ ප්‍රධාන උපදේශක ආදී නාවික හමුදා වෛද්‍ය අංශයේ ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.