ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වශයෙන් පත් වූ රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2023 සැප්තැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, මෙම නිල හමුවේදී රියර් අද්මිරාල් ධම්මික කුමාර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපති වශයෙන් පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහුගේ ඉදිරි රාජකාරි ජීවිතය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.