උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 සැප්තැම්බර් මස 15 වන දින, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්/අධ්‍යක්ෂ (පද්ධති සහතික කිරීම) එස්.යූ.නාරංගොඩ මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්/අධ්‍යක්ෂ (තත්ව සහතික) එම්බීඩී නීලකාන්ති මහත්මිය ගේ සහභාගීත්වයෙන් පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ මාලිමා උත්සව ශාලාවේදී සිදු කෙරිණි.

ඒ අනුව, මෙම ප්‍රමිති සහතිකය ප්‍රධානය කිරීම සඳහා උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සියළුම ඉංජිනේරු වැඩපොළ ආශ්‍රිතව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පුළුල් තත්ව විගණනයක්‌ සිදුකෙරිණි. අනතුරුව, එම වැඩපොළ තුළ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර නෛතික ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් පවත්නා බවට සහතික කර ගැනීමෙන් පසු, මෙලෙස ISO 45001:2018 ප්‍රමිති සහතිකය පිරිනැමීම 2023 සැප්තැම්බර් මස 15 වන දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා, කොමදෝරු චන්දන බෝපගොඩ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගි වී සිටියහ.