යෝගා පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදාව තුල යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින්, ශාරීරික අභ්‍යාස උපදේශක නාවිකයන් වෙනුවෙන් කළාකීර්තී යෝගා ආචාර්ය අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවන ලද යෝගා පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහනෙහි සමාප්ති උළෙල 2023 සැප්තැම්බර් මස 18 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

2023 අගෝස්තු මස 07 වන දින ආරම්භ කෙරුණු මෙම යෝගා පුහුණු උපදේශක වැඩසටහන සඳහා නාවික හමුදා ශාරීරික අභ්‍යාස උප‍දේශක නාවිකයන් විසි හය (26) දෙනෙකු සහභාගී වූ අතර, පුහුණු වැඩසටහන සාර්ථකව නිම කල ශාරීරික අභ්‍යාස උපදේශක නාවිකයන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා ‍කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.