ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ පැවති ප්‍රජා සායනය සහ සෞඛ්‍ය කඳවුර සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය හා එක්ව 2023 නොවැම්බර් මස 22 වන දින ප්‍රජා අක්ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක්, ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම ප්‍රජා වෛද්‍ය සායනය සඳහා එම ප්‍රදේශයේ මහජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, එහිදී බෝ නොවන රෝග හා පූර්ව බෝ නොවන රෝග සඳහා පුද්ගලයින් පරීක්ෂා කිරීම සහ පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයින් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමටද කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ සිංහ සමා‍ජ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.