73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ‍දෙසැම්බර් මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් 2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සූරේෂ් ද සිල්වා ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ ‍මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන, ත්‍රීකුණාමලය නාවික රෝහලේදී පැවැත්විණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.