ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සමුගැනීමේ නිල හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ගරු Major General (R) Umar Farooq Burki මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර, නාවික හමුදා මූලස්ථානයේදී අද දින (2023 දෙසැම්බර් 21) සමුගැනීමේ නිල හමුවක් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ගරු Major General (R) Umar Farooq Burki මහතා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් මහතා ද සහභාගී වී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් වෙත සමරු තිළිණයක් ලබාදීමද සිදු කෙරිණි.