මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, අද දින ( 2024 ජනවාරි 26) විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ රට තුලට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම, භාවිත‍ය සඳහා යොමුවීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර රටේ අභිවෘද්ධිය සඳහා දායක කරගනිමින් සමාජ ආර්ථික සුරක්‍ෂිතතාවය උදාකර ගැනීම‍ උදෙසා මෙම කාර්යය සාධක බලකාය අමාත්‍යංශ 11 ක් සහ දෙපාර්තමේන්තු 14 ක සාමාජිකත්වයෙන් ස්ථාපිත කර ඇති අතර, එහි සභාපති ලෙස 2023 ජනවාරි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා පත්කර ඇත.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු ලබාගැනීම වෙනුවෙන් හඳුන්වාදී ඇති 1927 දරණ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ අද දින (2024 ජනවාරි 26) පැවැත්වුණු මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව මඟින්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හටද පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම මෙම දුරකථන අංකය ඔස්සේ උපදේශන සේවා ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද මාධ්‍ය දැනුවත් කිරීම සිදුකෙරිණි.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව සඳහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා සමඟ; බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්එම්ටීඑන් උපුල්දෙනිය මහතා, අන්තාරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති එස් නානායක්කාර මහතා, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තු කොමසාරිස් පීඒඩී ගුණරත්න මහතා සහ පුනරුත්ථාපන කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පුනරුත්ථාපන) ලුතිනන් කර්නල් ඒඑම්ඒ දේශප්‍රිය යන නිලධාරීන් ඔවුන්ගේ දෙපාර්ත‍මේන්තු මණ්ඩල හා කාර්යංශ වෙතින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම සඳහා ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙනුවෙන් සිදුකරනු ලබන කාර්යය භාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සිදුකෙරිණි.