ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම නිල සංචාරයේදී, ‘‘INS Karanj’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අරුනාබ් (Commander Arunabh) සහ බටහිර නාවික විධනයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

එමෙන්ම, ‘INS Karanj’සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වූ අතර, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.

තවද, කලාපීය නාවික හමුදාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින් වැඩිදියුණු වන සුහදත්වය හා සහයෝගීත්වය, සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා ඉදිරියේදී මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.