ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Klaus Willi Merkel අද දින (2024 පෙබරවාරි 05) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

Colonel Klaus Willi Merkel, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ජර්මානු ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel (GS) Andre Niedhofer සහ නාවික හමුදාධිපති‍ගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.