ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත Colonel Anand Bajpai ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 පෙබරවාරි 05) නාවික හමුදා මූලස්ථානයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම නිලධාරීන් පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ Colonel Anand Bajpai අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.