ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ යුද, නාවික හා ගුවන් ආරක්‍ෂක උපදේශක Colonel Abdoulaye TRAORE අද දින (2024 පෙබරවාරි 07) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

Colonel Abdoulaye TRAORE, ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති‍ගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.