ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඉන්දු ශාන්තිකර කලාපයේ (Indo- Pacific) ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Marc ABENSOUR මහතා නිල හමුවක් සඳහා අද දින (2024 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපති අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ Military Technical Cooperation Officer in charge of maritime safety, Commander Jean – Baptiste TROUCHE සහ නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ඇතුළු පිරිසක් සහභාගී විය.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපති වෙත සමරු තිලිණයක්ද ප්‍රදානය කිරීම සිදුකෙරිණි.