නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය සේරාණ ප්‍රාථමික විදුහලේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය අරාවත්ත බ/ සේරාණ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී 2024 පෙබරවාරි මස 21 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟ පෙන්වීම මත නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන සුවිශාල සමාජ මෙහෙවරක් වන අතර, එහි තවත් අධියරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් හා ධානපතීන්ගේ මූල්‍ය දායකත්වයෙන් මහියංගණය අරාවත්ත බ/ සේරාණ ප්‍රාථමික විදුහල් පරිශ්‍රය තුල මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් සේරාණ ප්‍රාථමික විදුහල් දරු දැරියන්ගේ සහ සේරාණ ගම්වාසීන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රදේශය රාජ්‍ය නිලධාරීන්, ගිණිකොන නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්, මහියංගණය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, බ/ සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් දු දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවී සිටියහ.