ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද දින (2024 පෙබරවාරි 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය (National Nuclear Security Administration of United State of America) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් දේශසීමා මායිම් පාලන ස්ථානයන් ඔස්සේ (Border crossing control points of the democratic socialist republic of Sri Lanka) විශේෂ න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍යයන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය/ ජාවාරම් කිරීම පිලිබඳ හඳුනා ගැනීම හා අත්අඩංගුවට ගැනීම සඳහා තාක්ෂණික හා ක්‍රමවේදීය වශයෙන් ද්වීපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කිරීම මෙම අවබෝධතාවයට එළඹීම තුලින් අපේක්ෂා කෙරේ.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.