නාවික හමුදා සූපවේදී නාවිකයින් වෙනුවෙන් ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සූපවේදී නාවිකයන් වෙනුවෙන්, ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන්, 2024 පෙබරවාරි මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, සූපවේදී නාවිකයන් හට ස්වාභාවික අමුද්‍රව්‍ය මඟින් ආහාර රස ගැන්වීමේ කලාව සම්බන්ධයෙන් න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබාදීමේ අරමුණෙන් සංවිධානය කල මෙම පුහුණු වැඩමුළුවේදී, ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතා විසින් ආහාර රසගැන්වීමේදී භාවිතා කරනු ලබන ස්වභාවික රසකාරක පිළිබඳ පුඵල් දැනුමක් ලබාදීමටත්, සූපවේදී නාවිකයින්ගේ ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමත් මෙහිදී සිදු කෙරිණි.

තවද, ගල්කිස්ස හෝටලය යටතේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර හෝටල් පාසලෙහි පීඨාධිපති ලෙස කටයුතු කරනු ලබන ආචාර්ය චන්දන ජයවර්ධන මහතාගේ උපදේශණ සේවය ලබාදීමද මෙම වැඩමුළුවේදී සිදුකෙරිණි.