මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Major General Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම දූත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ Major General Zhang Baoqun අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.