ගිණි‍කොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වැඩ භාර ගනී

ගිණි‍කොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග 2024 අප්‍රේල් මස 08 වන දින ගිණි‍කොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිණි‍කොන නාවික විධානය වෙත රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, ගිණි‍කොන නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිණි‍කොන නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.