නාවික හමුදා සේවා වනිතා අලුත් අවුරුදු පොළ වැලිසර නාවික සංකීර්ණයේදී
සියලුම නාවික හමුදා පුද්ගලයන්ගේ සහ නාවික පවුල් වල සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන 2024 අලුත් අවුරුදු පොළ විවෘත්ත කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අප්‍රේල් 10) වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව, සේවා වනිතා අවුරුදු පොළ විවෘත කෙරුණු අතර, නාවික හමුදාධිපති සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් අවුරුදු පොළෙහි වෙළද කුටි නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.
තවද, අද දිනය (2024 අප්‍රේල් 10) පුරා පැවැත්වෙන නාවික හමුදා සේවා වනිතා අවුරුදු පොළ මඟින් නාවික හමුදා පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන්හට ද ඉතා සහනදායී මිලකට පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

















































