ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා සම්මන්ත්‍රණය කොළඹදී

ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සම්මන්ත්‍රණය (Seminar on India - Sri Lanka Defence Co-Operation), 2024 අප්‍රේල් මස 10 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව මෙම සම්මන්ත්‍රණයේදී, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීම පිලිබඳ සාකච්ඡාමය සැසි සහ ඉදිරිපත් කිරීම් මඟින් පාර්ශවකරුවන් අතර අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා (H.E Santosh Jha), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ඉන්දියා සහ ශ්‍රී ලංකා ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.