මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් හත් දෙනෙකු (07) විසිරයාමේ උත්සවය, නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මැයි 04) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන්කළ නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීන් පහක් (05), දන්ත වෛද්‍ය අංශයේ නිලධාරියෙකු (01) සහ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු (01) ඇතුළු නිලධාරීන් හත් දෙනෙකු (07) මෙලෙස අභිමානවත් අයුරින් විසිර යන ලදි.
මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, විසිරයන නිලධාරීන් හට පළමුව සිය සුභ පැතුම් පිරිනමන ලද අතර, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට බැඳීමට දිරිමත් කළ ඔවුන්ගේ දෙමව්පියන් වෙතද සිය කෘතඥතාවය පල කර සිටින ලදී.
තවද, මෙම විසිරයාමේ උත්සවය සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විසිරයන නිලධාරීන්ගේ ඥාතීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.


































