සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මහා සංඝරත්නය වෙත පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පුජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය, 2024 මැයි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, අභිනව දෙමහල් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පුජා කිරීමෙන් අනතුරුව, සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ ගරුතර මහා සංඝරත්න‍ය 100 නමක් විෂයෙහි දහවල් දානය හා පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

තවද, මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.