මරඳමඩු ස්වාමි දුවගේ සියවස් අභිෂේක ගැන්වු දේව මෙහෙය සඳහා නාවික හමුදාවේ සහය

මන්නාරම, මරඳමඩු දේවස්ථානයේ පැවති මරඳමඩු ස්වාමි දුවගේ ප්‍රතිමාව අභිෂේක ගන්වා සියවසක් සපිරීමේ මංගල දේව මෙහෙය, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අද දින (2024 ජුලි 02) පැවති අතර, එම දේව මෙහෙය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා නාවික හමුදාව සහය විය.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ අධීක්ෂණයෙන් සහ නාවික හමුදා පුද්ගලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දේවස්ථානය පිරිසිදු කර සැරසිලි සිදු කිරිම, බැතිමතුන් වෙනුවෙන් පිරිපහදු කරන ලද පානිය ජලය ලබාදීම නාවික හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම දේව ‍මංගල්‍යය අවස්ථාව සඳහා ක්‍රිස්තියානි පූජකවරුන්, උතුරු මැද නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.