දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 08) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙත රියර් අද්මිරාල් චන්දිම සිල්වා පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, දකුණු නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නාවික සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.