ලෝක වාර්තාවක් පිහිටවූ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන විසින්, කිලෝමීටර් 586.1 ක දුරක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ, නැවත පූනෑව දක්වා ගමන් කරමින් 2024 ජනවාරි මස 19 වන දින පිහිට වූ නව ලෝක වාර්තාවට අදාළ සහතික පත සහ කුසලානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඉදිරිපත් කිරීම අද දින (2024 ජුලි 09) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එහිදී නාවිකයාගේ සේවය අගයමින් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත ප්‍රශංසාත්මක ලිපියක් පිරිනැමීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන විසින් අනෙකුත් නාවික හමුදා පුද්ගලයන්ට ආදර්ශයක් ගෙන දෙමින් ඉතාමත් කැපවීමෙන් යුතුව තම අරමුණ ලඟා කර ගැනීම වෙනුවෙන් ශාරීරිකව සහ මානසිකව සූදානම් වෙමින්, දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක දුරක් ඇවිද නව ලෝක වාර්ථාවක් පිහිටුවා නාවික හමුදාවට සහ රටට අත්කර දුන් විශාල කීර්තිය අගයමින්, ඔහු වෙත නාවික හමුදාධිපති විසින් මෙලෙස ප්‍රශංසාත්මක ලිපියක් පිරිනැමීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.