ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් ගරු මසූඩ් ඉමාඩ් (Masood Imad) අද දින (2024 ජුලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් ගරු මසූඩ් ඉමාඩ් (Masood Imad) නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.