විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බළකායේ මූලිකත්වයෙන් පැවති සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වයි
“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන්, පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය, ආචාර්යය ගරු හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 29) නාවික හමුදා මුලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කෙරිණි.
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කලම්බෝ ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම හා එක්ව සංවිධානය කරන ලද මෙම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ චිත්‍ර තරඟය පාසල් ළමුන් වෙනුවෙන් 6 ශ්‍රේණිය සිට 8 ශ්‍රේණිය දක්වා හා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා කාණ්ඩ දෙකක් යටතේත්, සජීවීකරණ වීඩියෝ තරඟාවලිය 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පළමු කාණ්ඩය ලෙස සහ වයස අවුරුදු 19 සිට 30 දක්වා දෙවන කාණ්ඩය ලෙස පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් දරුවත් වෙනුවෙන් පැවති විත්ර තරඟාවලිවයේදී පළමු ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කවිත්මා ඉඳුවරනි විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයේ සද්වනි ලියනආරච්චි විසින් සහ තෙවන ස්ථානය කුරුණැගල විෂ්චෝද විද්‍යාලයේ ජනිල්යා තෙන්නකෝන් විසින්ද, ඊට අදාල ත්‍යාග සහ සහතික පත් ගරු අග්‍රාමාත්‍ය තුමිය වෙතින් හිමිකර ගන්නා ලදි.
9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් වෙනුවෙන් පැවති විත්ර තරඟාවලිවයේදී පළමු ස්ථානය පැල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලයේ විචිත් මානවගේ විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය මාතර බෙන්ගමුව ද්විතීක විද්‍යාලයේ ඉශාර මධුශංක විසින් සහ තෙවන ස්ථානය මඩකළපුව මෙත්තයිප්පල්ලි විද්‍යාලයේ හිල්මී මුහමද් යූ හකීල් විසින්ද, ඊට අදාල ත්‍යාග සහ සහතික පත් ගරු අග්‍රාමාත්‍ය තුමිය වෙතින් හිමිකර ගන්නා ලදි.
10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් වෙනුවෙන් පැවති සජීවී කරණ වීඩියෝ තරඟාවලිවයේදී පළමු ස්ථානය මාවනැල්ල මැදිරිගම මහා විද්‍යාලයේ ඉසුරු දිමාගී බක්මීදෙනිය, තුශාරී දීශන වීරසේකර, ශදීසා තිලක්ෂි සේනානායක, මෙත්ශාදී උශාරා කුමාරසිංහ යන දරුවන් විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය මතුගම රත්නාලෝක විද්‍යාලයේ නවෝද්‍ය කුමාර විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය මතුගම ශාන්ත මේරී විද්‍යාලයේ පසඳු රනුල්ක වටවල විසින්ද, ඊට අදාල ත්‍යාග සහ සහතික පත් ගරු අග්‍රාමාත්‍ය තුමිය වෙතින් හිමිකර ගන්නා ලදි.
එමෙන්ම, වයස අවුරුදු 20 සිට 30 දක්වා වයස් කාණ්ඩය වෙනුවෙන් පැවති සජීවීකරණ වීඩියෝ තරඟාවලියේ පළමු ස්ථානය ලක්ෂානි භාග්‍යා වීරසිංහ විසින්ද, දෙවන ස්ථානය නවෝදී මල්ෂා හරිස්චන්ද්‍ර විසින් සහ තෙවන ස්ථානය දසුන් ප්‍රභාත් චන්ද්‍රසේන විසින් හිමිකර ගන්නා ලද අතර, ත්‍යාග සහ සහතික පත් පිරිනැමිම ගරු අග්‍රාමාත්‍ය තුමිය විසින් සිදු කෙරිණි.
මෙම තරඟාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කල දූදරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවති චිත්‍ර තරඟාවලියේ දරුවන් විසි දෙනෙකු (20) වෙතත්, සජිවීකරණ විඩියෝ තරඟාවලියේ දරුවන් දහතුන් දෙනෙකු (13) වෙතත් කුසලතා සහතික පිරිනැමීම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්යක්ෂ වරුණ අලහාකෝන් මහතා සහ කලම්බෝ ප්ලෑන් සංවිධානයේ මහ ලේඛම් අචාර්යය ගරු බෙන්ජමින් පි රෙයිස් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
තවද, මෙම උත්සවය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ නියෝජිතයින්, ජයග්‍රාහක හා සහතිකපත් ලාභී දූ දරුවන්, දෙමව්පියන්, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.