74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේදී
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේ නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් 2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සැමරීමට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ රුධිර බැංකුවට අවශ්‍ය රුධිරය ලබාදීමේ අරමුණින් මෙම ලේ දන්දීමේ වැඩසටහන දකුණු නාවික විධානය විසින් සංවිධානය කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නාවික රෝහලේදී පැවැත්විණි.
තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දකුණු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා හා ආයතනවලට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් එකසිය තිස් පස්දෙනෙකු (135) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.