ශ්‍රී ලංකා නාවික හමුදාව “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී 2025 වර්ෂයේ රාජකාරි අරඹයි
නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික හමුදා ආයතන හා නෞකාවන්ගේ අද උදෑසන (2025 ජනවාරි 01) ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනයෙන් අනතුරුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ සජිවි විකාශනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී, උදා වූ 2025 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින්, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන ආරම්භ කරමින් සිදු කල සමාරම්භක දේශනයෙන් අනතුරුව, සිදු කෙරුණු, “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාවේ සජිවි විකාශනයට සමඟාමීව, සියළුම නාවික හමුදා පුද්ගලයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් මෙලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබාදී, උදාවු 2025 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි.
ගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබාදීමේ ජාතික වැඩසටහන සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහභාගී වූ අතර, නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි පැවති “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබාදීමේ අවස්ථා සඳහා; විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා කළමණාකරන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගි වූහ.