නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ නිල හමුවීමක් සඳහා අද (2025 ජනවාරි 02) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.
මෙම නිල හමුවීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය සුභ පැතුම් පිරිනැමිමෙන් අනතුරුව, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ජාතික කර්තව්‍යන්හීදී නාවික හමුදාවේ දායකත්වය ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර එහිදී සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණි.
තවද, නාවික හමුදාධිපති විසින් ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවු මෙම ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද එහිදි සිදු කෙරිණි.