රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් අද (2025 ජනවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් හසන්ත දසනායක, අධ්යක්ෂ සාගරික ඉංජිනේරු ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.
ඒ අනුව, අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ විසින් අභිනව අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස පත්වූ රියර් අද්මිරාල් හසන්ත දසනායක වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම නාවික හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී සිදු කෙරිණි.






